මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන සඳුදායින් අවසන්

0
34

NEWSNOW | – මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා තවත් ඇත්තේ දින 5ක් වැනි කාලයකි.

එනම් ලබන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට නියමිතව තිබේ.

ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව තමා රාජකාරී සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්’යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකළ හැකි බව ද එම කොමිෂන් සභාව පැවසීය.