අද කාලගුණ තත්ත්වය වෙනස් වන හැටි

0
30

NEWSNOW | – අද(06) දිනයේ  මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව පවසයි.

මේ අනුව ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු  සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්’තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්’ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ, අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බවය.