NEWSNOW| – රජයේ නිල නිවාස මෙතෙක් බාර නොදුන් අයට එරෙහිව නඩු පැවරීමට රජය තීරණය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
බොහෝ මන්ත්‍රීවරුන් මහජනතාවගේ දේපොළ තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු පැවසුවේ “පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව ඉතාම නිර්භිත ධෛර්යවන්ත තීන්දුවක් ගත්තා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දූෂිත ප්‍රභූ කණ්ඩායමක්. රටේ සම්පත් බහුජාතික සමාගම්වලට විකුණලා දැම්මා. භාණ්ඩාගාරයේ ධනය හිතු හිතු සේ පාවිච්චි කළා. මහජනයාගේ දේපොළ ඒ විදියටම පරිහරණය කළා. මේ අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙක් අවුරුදු 36කට පස්සේ ගේ බාර දීලා. ඉතින් බලන්නකෝ ඒ ගොල්ලෝ මෙහෙත් එහෙමයි කොළඹත් එහෙමයි. දැන් ආණ්ඩුවේ නිවෙස්වලින් ඉවත් කරගන්න අපි තීන්දුකරලා තියෙනවා නඩු දාන්න. ඒ ගොල්ලෝ දිගටම ආණ්ඩුවේ යැපුම් අය. මහජනයාගේ දේපොළ රිසි සේ එයාලගේ පෞද්ගලික දේපොළක් ලෙස පාවිච්චි කරපු අය. මේ රට මහා ණය උගුලක හිරකරපු අය. ඒ ගොල්ලෝ එයාලගේ පවුලේ උදවිය සහ ඒ ගොල්ලන්ගේ වටේ ඉන්න උදවියට පමණක් සේවයක් කරපු අය. මහජනතාව දුප්පත් බවේ පතුලටම බස්සවපු අය.”