හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

0
59
NEWSNOW | – නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
රත්වත්තේගේ බිරිඳ නොවැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(04) නියෝග කළේය.
ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී අංක තහඩුවක් නොමැති මෙම රථය පසුගියදා සොයා ගැනුණි.
පසුගිය සතියේ මිරිහාන පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂණයකදී මෙම මෝටර් රථය සොයාගෙන ඇත.
එම නිවස රත්වත්තේගේ බිරිඳට අයත් එකක් බව පරීක්‍ෂණ කළ පොලිස් නිලධාරීන් සොයා ගෙන ඇත්තේ එම ඉඩමේ තිබූ වාහනය සොයා ගැනීමෙන් පසුවය.
එම අවස්ථාවේ ප්‍රශ්න කිරීමේදී ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා මහනුවරදී සියදිවි නසාගෙන මියගිය තම සම්බන්ධීකරණ ලේකම්වරයා තමාට නොදන්වා මෝටර් රථය දේපළට රැගෙන ආ බවත් වාහනයේ හිමිකරු තමා නොදන්නා බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ මහතා ඔක්තෝබර් 31 වැනිදා අත්අඩංගුවට ගත් අතර ඔහු නොවැම්බර් 07 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ පසුවේ.