NEWSNOW | – ඡන්දය ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සෑම ඡන්ද දායකයෙකුම එක් ඡන්දයක් ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ලබා දිය හැකි බව සඳහන්ය.
ඡන්දය ලබාදෙන දේශපාලන පක්ෂය හෝ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස්කොටුව තුළ කතිර ලකුණක් යෙදිය යුතුවේ.
ඉන් අනතුරුව එම පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් නාමයෝජනා ලබා දෙන ලද තුන්දෙනෙකුට නොවැඩි අපේක්ෂකයන් ගණනක් සඳහා මනාපය පළ කිරීමට ඡන්ද පත්‍රිකාවේ අග දැක්වෙන එක්එක් අපේක්ෂකයන්ට වෙන්කර දී ඇති අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත කතිර සලකුණක් යෙදීම සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.
මේ අතර ඡන්දදායකයා විසින් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට ඡන්දය පළ කර ඇත්නම් හෝ පසුව හඳුනාගනු ලැබීමට හේතුවිය හැකි යම් ලකුණක් ඡන්ද පත්‍රිකාව මත තැබුවහොත් එම ඡන්දය බලරහිත වන බව සඳහන්ය.
එමෙන්ම ඡන්දය සහ මනාපය ලබා දීමේ දී කතිරය පමණක් භාවිතා කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.