ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් බිහිවෙමින් තිබෙන බව කැෆේ සංවිධානය කියයි

0
47
NEWSNOW| – ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් සඳහා එකමුතු වීමේ සංස්කෘතියක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා සංවිධානයේ (CAFFE) විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ “සාමකාමී මැතිවරණයකට එක්වෙමු” යන තේමාව යටතේ වයස අවුරුදු 18ට වැඩි ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද ඉරිදා (03) වවුනියාවේදී එක් වෙමිනි.
වසර 15කට පෙර පැවැති මැතිවරණ තත්ත්වය සහ වත්මන් තත්ත්වය දෙස බලන විට ප්‍රචණ්ඩත්වයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සාමකාමී මැතිවරණයක් සඳහා සියලු දෙනා එක්වන සංස්කෘතියක් නිර්’මාණය වෙමින් පවතින බව පෙනී යන බව ඔහු පැවසුවේය.
“පසුගිය ජනාධිපතිවරණය මෙයට නිදසුනකි. එලෙසම මෙවර මහ මැතිවරණයේදී ජන ප්‍රචණ්ඩත්වයට අදාළ කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැත.නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළව තවත් පැමිණිලි ලැබෙමින් තිබෙනවා” විධායක අධ්‍යක්ෂ වරයා පැවසීය.
මේ අතර, ප්‍රචාරක කටයුතුවලදී සමාජ මාධ්‍ය විශාල කාර්’යභාරයක් ඉටු කරයි. මේවා නිරීක්ෂණය කරන විට අපේක්ෂකයින්ට එරෙහි මඩ ප්‍රචාර සහ අපහාසාත්මක ප්‍රචාර දිනෙන් දින ඉහළ යන බව කැෆේ සංවිධානයට වාර්’තා වී ඇත.
ඒ නිසා සාමකාමී මැතිවරණයක් සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් ගෙන් ඔහු ඉල්ලීමක් කළේය.
එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් එය අවිහිංසාවාදී මැතිවරණයක් විය යුතුය. ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් සඳහා සියලු දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටින සහ ආධාරකරුවන්ට ඊට එක්වන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටින බව ඔහු පැවසීය.