දේශපාලන බලයෙන් ලබා දුන් රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් 16ක් යළි කැඳවයි

0
55

NEWSNOW| –   දේශපාලන සබදතා මත විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා පත් කළ නිලධාරීන් 16 දෙනෙකු වහාම ආපසු කැඳවීමට රජය තීරණය කර ඇති බව වාර්’තා වේ.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විසින් අදාළ නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඔවුන් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව දිනමිණ පුවත්පත වාර්’තා කරයි.

රජය විසින් නැවත කැඳවන ලද නිලධාරීන්ගේ ලැයිස්තුව පහත දැක්වේ;

1.ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි කොන්සල් ජනරාල් – ආචාර්ය ලලිත් චන්ද්‍රදාස
2. චීනයේ ෂැංහයි නුවර කොන්සල් ජනරාල් – අනුර ප්‍රනාන්දු
3. ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් – ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන්
4. සෞදි අරාබියේ ජෙඩාහි කොන්සල් ජනරාල් – S.M.A.F. මවුලානා
5. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය – නිශාන් මානික් මුතුක්‍රිෂ්ණ
6. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් – තාරක දිසානායක
7. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් – සංජය පුංචිනිලමේ
8.රෝම තානාපති ්කාර්’යාලයේ  – මෙල්කි චන්දිම පෙරේරා
9. කැන්බරා මහ කොමසාරිස් – දිනුකා කාර්මලින් ප්‍රනාන්දු
10. පැරිස් තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් – සහස්‍ර බණ්ඩාර.
11. මොස්කව් තානාපති කාර්යාලයේ ඇමති – පණ්ඩුල ද සොයිසා
12. නව දිල්ලි මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක – ආචාර්ය අන්වර් මොහොමඩ් හම්දානි
13. බේරුට් හි තුන්වන ලේකම් – ප්‍රියංගිකා දිසානායක
14. අන්කාරා හි දෙවන ලේකම් – යස්මින් හිල්මි මොහොමඩ්
15. නෙදර්ලන්තයේ හේග් තානාපති කාර්යාලයේ උපදේශක – අශ්විනි හපන්ගම,
16. ස්වීඩනයේ ස්ටොක්හෝම් හි අමාත්‍ය උපදේශක – ජනක රණතුංග

එම වාර්තාවට අනුව දේශපාලන සබඳතා මත රාජ්‍ය තාන්ත්‍රික තනතුරුවලට පත් වූ තවත් පුද්ගලයන් යළි කැඳවීමට ද කටයුතු කරමින් පවතී.