මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජිණ අද යළි ගමන් අරඹයි

0
158

NEWSNOW | – කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) යළි ආරම්භ කෙරේ.

දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය මාර්’ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජිණ දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරයි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතරත්, රජරට රැජින දුම්රිය කොටුව හා අනුරාධපුරය අතරත් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ. ඉදිපොලගේ මහතා පවසයි.