පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් සකස් කළ වාර්’තාව හෙට ජනපතිට

0
47

NEWSNOW | –  රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හෙට (28) භාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවය.

රජයේ පාලන මිල යටතේ සහල් ලබාදෙන බවට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව පළකළ ද, මෙතෙක් පාලන මිලට සහල් ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව නැත.

එමෙන්ම, වෙ‍ෙළඳපොළ තුළ නාඩු, සුදු සහ රතු කැකුළු ඇතුළු සහල් වර්ග තිහිපයක හිඟයක්ද නිර්මාණය වී තිබේ.

එවන් පසුබිමක, සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාව ඊයේ (26) ආරම්භ කළේය.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් කිහිපයක් අද දිනයේත් පරීක්ෂාවට ලක්කෙරුණු අතර, ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් මෝලෙහි දත්ත ලබාගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද පෙරවරුවේ ගොස් තිබුණි.