කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

0
42

NEWSNOW| –  කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කිරීමට නියමිතය.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ  මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බවය.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතාකළ යුතු බවය.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන සිදුකර ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින්,