ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමත් සාමකාමී – කැෆේ සංවිධානය කියයි

0
31

NEWSNOW| – අද(26) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම් කටයුතු නිරීක්ෂකයින් විසින් නිරීක්ෂණය කළ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පවසයි.

විශේෂයෙන් ජංගම නිරීක්ෂකයින් 10 දෙනෙක් අද දිනයේ නිරීක්ෂණ කටයුතු සිදු කළ අතර ඔවුන්ගේ නිරීක්ෂණයට අනුව මැතිවරණය ඉතා සාමකාමීව පැවති බව කිව යුතුයි.

නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ගේ උනන්දුව පෙර පැවති මැතිවරණ වලට සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණු බව විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියි.

මේ නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයද සාමකාමීව පැවැත්වීමට සියළු දෙනාගේම සහය බලාපොරොත්තු වන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා ඉල්ලීමක් කරයි.