මඩකලපුව අධිකරණ සංකීර්’ණය විශේෂ සෝදිසි කිරීමකට ලක් කරයි

0
120
NEWSNOW | – මඩකලපුව අධිකරණ සංකීර්’ණය මඩකලපුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්’ය බලකාය එක්ව අද (25) පෙරවරුවේ විශේෂ සෝදිසි කිරීමකට ලක් කර තිබේ.
ඒ මඩකලපුව අධිකරණ සංකීර්’ණය ඉලක්ක කරගනිමින් යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලියාපදිංචි තැපෑලෙන් යොමුකර තිබූ ලිපි දෙකක් හේතුවෙනි.
කිසියම් පාර්’ශවයක් අදාළ ලිපි මගින් ඔක්තෝබර් මස 24, 25 හෝ 28 යන දින තුනෙන් එකකදී මඩකලපුව අධිකරණ සංකීර්’ණයට යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දැනුම්දීමක් කර තිබේ.
එම ලිපි මඩකලපුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ මඩකලපුව මහේස්ත්‍රාත්වරියට යොමුකර ඇත.
ඒ අනුව මඩකලපුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්’ය බලකාය එක්ව අද උදෑසන එම පරිශ්‍රය සෝදිසි කිරීමට පියවර ගත්තේය.
නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ පරිශ්‍රයේ තිබී සැකකටයුතු කිසිවක් හමුව නොමැති බවයි.