ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාර සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනා රැඳවුම් භාරයට

0
192
NEWSNOW | – මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ත්‍රස්ත විමර්’ශන කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සංචාරකයින් ගැවසෙන කලාප ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සලසා තිබේ.