ඊශ්‍රායල ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දෙයි

0
71

NEWSNOW| –  ඊශ්‍රායල ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනී යන්නේ නම් මෙහි පහත සඳහන් දුරකථන අංකය සෘජුව අමතා අවශ්‍ය සහයෝගය ලබා ගත හැක.

071-8592651

මෙම දුරකථන අංකය පොලිස් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ වන අතර ඒ මහතා විසින් අවශ්‍යතාවය පිලිබඳ සොයා බලා සුදුසු ක්‍රියා මාර්’ග ගැනීමට කටයුතු කරනු ඇත. තොරතුරු ලබාදීමේදී ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම අවශ්‍ය බැවින් ඒ මහතා විසින් විමසන තොරතුරු ලබා දෙන ලෙසද ඉල්ලා සිටියි.