තුර්’කියේ අන්කාරා නුවර ත්‍රස්තවාදී ප්‍රහාරයක්

0
58

NEWSNOW | – තුර්’කියේ අන්කාරා හි Aerospace Industries (TAI) බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.

ඒ සමඟ ප්‍රහාරකයින් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යෙර්ලිකායා තහවුරු නොකළ මරණ සහ තුවාල සංඛ්‍යාවක් මෙහිදී සිදුව ඇතැයි පවසා ඇත.

ත්‍රස්තවාදීන් ප්‍රවේශ ගේට්ටුවේ දොරටුව අසල වාණිජ කුලී රථයකින් පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැර ඇති බව වාර්’තා වේ.

පළමු ප්‍රහාර දී ත්‍රස්තවාදියෙක් හෝ දෙදෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගත් බවට ප්‍රකාශ තිබේ.

ත්‍රස්තවාදීන් තවමත් TAI/TUSAS තුළ සිටින බවටත් ප්‍රාණ ඇපකරුවන් සිටින බවටත් විදෙස් මාධ්‍ය පවසයි.

ගැටුම් තවදුරටත් පවතින බව වාර්’තා වේ.