ෆෙතුල්ලා සංවිධානයේ නායකයා මිය යයි

0
50
NEWSNOW | – 2016 තුර්’කි රජය පෙරලීමේ කුමන්ත්‍රණ ප්‍රයත්නයෙහි ප්‍රධානියා ලෙස සැලකෙන FETO නායක ෆෙතුල්ලා ගුලන් මිය ගිය බව විදෙස් මාධ්‍ය පවසයි.
Gülen ගේ බෑණනුවන් වන Ebuseleme Gülen ද ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා FETO නායකයාගේ මරණය තහවුරු කළේය.
ඔහු වකුගඩු අකර්’මණ්‍ය වීම, දියවැඩියාව සහ ඩිමෙන්ශියාව වැනි රෝගවලින් පීඩා විඳ ඇත.
FETO ත්‍රස්ත සංවිධානය ලෙස තුර්’කි රජය විසින් හඳුනාගෙන ඇති එම සංවිධානයේ නායකයා ඊයේ(20) අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී මිය ගියේය. මිය යන විට ඔහු 83 වැනි වියේ පසුවිය.
2016 ජූලි 15 වැනිදා මෙම සංවිධානය විසින් තුර්’කියේදී එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 251 දෙනෙකු මිය ගිය අතර 2000කට අධික පිරිසක් තුවාල ලැබූහ.
1999 වසරේ සිට ඇමරිකාවේ ජීවත් වූ අධ්‍යාත්මික ගුරුවරයෙකු වන ෆාතුල්ලා ගුලෙන් ගේ නායකත්වයෙන් මුස්ලිම් සහෝදරත්ව ව්‍යාපාරය (G) Gulen ආරම්භ කර ඇත.
තුර්’කි නායකයින් ඔහුව නෙරපා හරින ලෙස ඉල්ලා සිටින අතරවාරයේ එක්සත් ජනපද මූලස්ථානය වන FETO සංවිධානයේ ප්‍රධානියා වන Gülen ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ සැඟවී ජීවත්ව සිටීම විශේෂත්වයකි.
එම සංවිධානයේ ශාඛා ලොව පුරා රටවල විසිරී තිබූ අතර එහි සාමාජිකයින් ලංකාවේද සිටි බව හෙළිව තිබේ.