ගාසාවට හා ලෙබනනයට සටන් විරාමයක් ඉල්ලා බෙල්ජියම් වැසියන් වීථි බසී

0
138
NEWSNOW | –  ගාසා තීරයේ සහ ලෙබනනයේ වහාම සටන් විරාමයක් ඉල්ලමින් බෙල්ජියමේ අගනුවර ජනතාව ඊයේ(20) වීදි බැස සිටියහ.
විදෙස් මාධ්‍ය පැවසුවේ 32,000 කට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බවයි.
බ්‍රසල්ස් හි පැවති මෙම විරෝධතාවයේදී ඊශ්‍රායලයට එරෙහිව සම්පූර්’ණ ජාත්‍යන්තර මිලිටරි සම්බාධක පැනවීමට පෙලඹෙන ලෙස පෙලපාලිකරුවන් බෙල්ජියම් ආණ්ඩු වෙන් ඉල්ලා සිටියහ.
එරට සිවිල් සමාජ සංවිධාන එකමුතුව විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.