පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් හෙළි නොකළ වාර්’තා අද එළියට – උදය ගම්මන්පිල

0
150
NEWSNOW | – පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ විමර්’ශන වාර්’තා ප්‍රසිද්ධ කිරීමට තමන් රජයට ලබා දී තිබූ දින 7ක කාලය අද (21) උදෑසන 10න් අවසන් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව තවමත් ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්’ශන වාර්’තා දෙක තමන් සතුව ඇති බවත් සතියක් තුළ ජනාධිපතිවරයා එය ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම්, තමන් දින 7ක් ඇතුළත එම වාර්’තා ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු පසුගිය 14 වැනිදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසීය.