මැතිවරණ පැමිණිලි ගණන 400 ඉක්මවයි

0
126

NEWSNOW| –  පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 400 ඉක්මවා ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ගතවූ දිනයේ පැමිණිලි 58ක් කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වන අතර ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් මෙතෙක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලැබී ඇති පැමිණිලි 401න් 309ක්ම මේවන විටත්  විසඳා ඇති බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.