විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඉල්ලා අස්වෙයි

0
51
NEWSNOW | – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්’ය සම්පත් අමරතුංග ඇතුළු එහි සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවද වාර්’තා වේ.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අමතරව උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්’ය චන්දන පී. උඩවත්ත ඇතුළු සාමාජිකයින් ඊයේ (14) සිට සිය ධුර වලින් ඉල්ලා අස්වී තිබේ.
වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිල කාලය ලබන වසරේ මාර්’තු මාසයේ අවසන් වීමට නියමිතව තිබුණි.