NEWSNOW| – මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(13) මාධ්‍ය අමතමින් පැවසුවේ තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කළ බවයි.
සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම සඳහා මහනුවරදී අද (13) පැවැති රැස්වීමකදී ඔහු මේ බව අනාවරණය කළේය.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බවයි. තාවකාලිකව දේශපාලයෙන් සමුගැනීම නිවේදනය කළත්, මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින බව ඔහු පැවසීය.
ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හරි හම්බ කරගත් මුදල්වල වටිනාකමට වඩා දේශපාලනයේ නිරතවීමෙන් ලද ජනතා ආදරය වටින බවද ඔහු අවධාරණය කළේය.