කැලණි ගඟ දෙපස ජීවත්වන ජනතාවට දැනුම් දීමක්

0
120

NEWSNOW| – පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.