අයහපත් කාළගුණය නිසා හෙට වැසෙන කොළඹ ගම්පහ පාසල්

0
159

NEWSNOW| –  පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කලාපයේ පාසල්ද වාසා තැබෙන බව දැනුම් දෙයි.