NEWSNOW| – 2024 ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබු කාලය අදින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය පැවැත්වූ දින සිට දින 21ක් තුළ එම වියදම් වාර්තාව ලබාදීමට තිබූ අතර අද (13) පස්වරු 3න් එම කාලය අවසන් වේ.
කෙසේ වෙතත් පසුගිය දා අවසන් වු ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ දක්වාත් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 18 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.
ඒ අනුව ඉදිරිපත් වු සෙසු අපේක්ෂකයින් අද දිනයේ සිය වියදම් වාර්තා ලබා දෙනු ඇති බවට විශ්වාසය කරන බව මැතිවරණ කොමිසම පැවසීය.
එසේම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.