NEWSNOW| – පසුගිය රජය සමයේ විදේශ රටවල තිබෙන ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්’යාලවලට දේශපාලන පත්වීම් සිදුකළ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සමීප ඥාතීන්ගේ සහ මිත්‍රයන්ගේ නාම ලේඛනය ඉදිරි දිනවලදී ප්‍රසිද්ධියට පත් කිරීමට රජය සුදානම් වෙයි.
එම දේශපාලන පත්කිරීම් පිළිබඳ වාර්තාවක් විදේශ ඇමැතිවරයා වශයෙන් විජිත හේරත් මහතා විසින් විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණි.
එම වාර්’තාව මේ වනවිට පිළියෙල කර අවසන්ව ඇති බව දැනුම් දී ඇත.
මේ අනුව ඉදිරි දිනවලදී එම නාම ලේඛනය ජනමාධ්‍යයට නිකුත් කිරීමට විදේශ ඇමැති විජිත හේරත් මහතා තීරණය කර ඇත.
මේ දේශපාලන පත්වීම් ලද පසුගිය රජයේ දේශපාලනඥයන්ගේ සමීපතමයන් ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට කැඳවීමට ද නියමිතය.