මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට තායිලන්තයේ සහය ඉල්ලයි

0
50

NEWSNOW| –  මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ සයිබර් අපරාධ කඳවුරුවල තවමත් රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා තායිලන්ත රජයේ සහය ලබාදෙන ලෙස අගමැති හරිනි අමරසූරිය ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුව, මියන්මාර රජය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් මුදාගැනීම සඳහා පහසුකම් සැලසීමත් සමඟ අගමැති අමරසූරිය තායි රජයේ සහය ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙම ඉල්ලීම කළේ තායිලන්ත තානාපති Paitoon Mahapannaporn මහතා සමඟ ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

සයිබර් අපරාධ කඳවුරුවල සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු මුදා ගැනීම සඳහා තායිලන්ත රජය ලබා දුන් සහය පිළිබඳව කෘතඥතාව පළ කළ ඇය තවමත් සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් 40 දෙනා මුදා ගැනීමට අඛණ්ඩව සහාය දෙන ලෙස ඉල්ලා සිටියාය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කිරීම, සංචාරක කර්මාන්තයේ දියුණුව, නවීන කෘෂිකාර්මික තාක්ෂණය භාවිතය, පශ්චාත් අස්වනු තාක්ෂණය සහ ආහාර පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ පිළිබඳව තානාපති Paitoon Mahapannaporn මහතා, අග්‍රාමාත්‍යවරියගේ පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබපැතුම් පළ කළේය. රුහුණු සහ වයඹ විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨ සැකසීම පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරුණි.