සර්’වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර ගම්පහින් මහමැතිවරණයට

0
208
NEWSNOW | –  සර්’වජන බලයේ නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්’යාලයේදී සිදුකෙරුණි.
එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරගවැදීම සඳහා නාමයෝජනා පත්‍රයට අද අත්සන් තැබුවේය.
ඊට අමතරව මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති මහාචාර්’ය චන්න ජයසුමන මහතා සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක මහතාද මෙහිදී නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුකළේය.
මේ අතර, සර්’ව ජන බලය අද කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද නාමයෝජනා භාරදෙනු ලැබුවේය.