එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කොළඹදී එළි දකී

0
216
NEWSNOW | – රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ අද(09) කොළඹදී නිල වශයෙන් එළිදැක්වුණි.
එළැඹෙන පාර්’ලිමේන්තු මැතිවරණය සඳහා මයික් ලකුණින් තරග වදින සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමත් සමඟ එම පක්ෂය ආරම්භ කෙරිණි.
එළිදැක්වීමේ උත්සවයේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ද ප්‍රකාශ කෙරුණි.
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ සංවිධානයේ ජාතික සංවිධායකවරයා ලෙස ද තිලක්රත්න ඩිල්ෂාන් පත් කර තිබේ.