නව ජනාධිපති පත්වීමෙන් පසු පළමුවරට අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වේ

0
162
NEWSNOW | – නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිත බව පාර්’ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසයි.
ඒ අද පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනි.
එහිදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම අනුමත කර ගැනීමට නියමිතයි.
වැඩබලන පොලිස්පතිවරයා දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතු වේ.