පාසැල් ළමුන්ට ලබා දෙන දිවා ආහාරය ගැන දැනුම් දීමක්

0
58

NEWSNOW| –  රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පල වන වාර්’තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ බව තහවුරු කළාය.

පාසල්වල දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නතර කර ඇති බවට පසුගිය දින කිහිපය තුළ විවිධ තොරතුරු පැතිර ගොස් ඇති බවය.

එම වාර්තා සියල්ල අසත්‍ය බවත් පාසල් ළමුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

අදාළ වැඩසටහන ලබන වසර දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන්ට දිවා අහාරය ලබාදීමේ වැඩසටහන පසුගිය මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කෙරේ.