මැතිවරණ කොමිසම පවසන්නේ 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 80 (01) (ප), 82 (01) (ඊ), 82 (02), 89, 90 (04) වගන්ති අනුව ඡන්ද විමසීම් දිනය ප්‍රකාශයට පත්කළ දිනයට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.
එමෙන්ම 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින් ද වත්කම් සහ බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමගින් මැතිවරණ කොමිසමට භාරදිය යුතුය.
නාමයෝජනා පත්‍රය සමග වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහොසත්වීම දඬුවමකට යටත්විය යුතු වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.