දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්’ව අනතුරු ඇඟවීම්

0
174
NEWSNOW | – දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්’ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්’යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද (07) පෙරවරු 9.30 සිට හෙට පස්වරු 9.30 දක්වා ක්‍රියාත්මක බවයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ඇම්බර් පැහැයෙන් යුතු “අවදානයෙන් සිටින ලෙසට” අනතුරු අඟවා තිබේ.
ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “කහ පැහැයෙන් යුතු” විමසිලිමත් වන්න යන අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.