NEWSNOW | – ගත වූ කාලය තුළ වැඩිම වර්’ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්’තා වේ.
එනම් මිලිමීටර් 162යි දශම 5ක් ලෙස එය සටහන් වී තිබේ. ඊයේ(06) පෙරවරු 8යි 30 සිට අද(07) පෙරවරු 7 දක්වා කාලය තුළ වලල්ලාවිටට මිලිමීටර් 112යි දශම 5ක වර්’ෂා පතනය් සහ හොරණ ප්‍රදේශයට මිලිමීටර් 111යි දශම 5ක වර්’ෂාපතනයක් ඇද හැලී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව සඳහන් කරයි.
නෙළුව ප්‍රදේශයට මිලිමීටර් 109ක වර්’ෂාපතනයක් පැවැති අතර අන්තර් නිවර්’තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබගරමුව සහ වයඹ පලාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.