NEWSNOW| – ඉගැන්වීම යනු හුදෙක් මුදල් උපයන හෝ වැටුප් ලබන වෘත්තියක් පමණක් නොවේ. එය වනාහි සමාජයේ අනාගතය හැඩගැස්වීමෙහි සැලකිය යුතු මෙහෙයක් ඉටු කරන මහගු සේවාවකි. අධ්‍යාපනය යනු පුද්ගලික හා සමාජීය වර්’ධනයේ මූලික අංශයක් වන බැවින්, ගුරුවරයෙකුගේ භූමිකාවට ඉහළ ගරුත්වයක් ඇත. ඵලදායී ගුරුවරයෙකු වීමට නම්, ඇතැම් පෞරුෂ හා ලක්ෂණ ගුරුභවතුන්ට තිබිය යුතුය.
ඉවසීම
ඉවසීම මානුෂීය ආචාර ධර්’ම වල මූලික කරුණක් වන අතර ගුරුවරුන් සඳහා වන අතිශය වැදගත් ලක්ෂණයකි ගුරුවරුන් ගත් කල සිසුන් අතර අද්විතීය අභියෝගවලට මුහුණ දෙන හෙයින් විවිධ ඉගෙනුම් ශෛලීන් විවිධ මට්ටමේ අවබෝධ කරදීම ආදේශ කර ගැනීම ආදිය අවශ්‍ය වෙයි. මෙම අභියෝග හමුවේ ගුරුවරුන් ඉවසීමෙන් කටයුතු කිරීම සෑම සිසුවෙකුටම අධ්‍යාපනිකව සහ පෞද්ගලිකව දියුණු වීමට අවස්ථාවක් ලබා දෙන අතර සෑම සිසුවෙකු වෙනුවෙන්ම පුද්ගලික අවධානය යොමු කිරීමටද ගුරුවරුනට හැකියාව ලබා දෙනු ඇත.
දයාව සහ සානුකම්පාව
මෙම ගති ලක්ෂණ සහිත ගුරුවරයෙකු පන්ති කාමරය තුළ මෙන්ම ඉන් පිටතද සිසුන් මුහුණ දිය හැකි දුෂ්කරතා සහ අභියෝග මනාව වටහා ගනු ඇත. මෙයට අමතරව දයාව දැක්වීමෙන්, ගුරුවරුන් තම සිසුන් අතර අයිතිවාසිකම සහ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් පෝෂණය කරන අතර අන්තර්කරින ඉගෙනුම් පරිසරයක්ද එමගින් නිර්’මාණය වනු ඇත.
නිහතමානි බව
නිහතමානී බව ගුරුවරුන්ට තිබිය යුතු තවත් විශේෂ ගුණාංගයකි. නිහතමානී චාම් ගුරුවරයෙකු දැනුම තමන්ට දිව්‍යමය දායාදයක් යයි වටහා එය ඉගැන්වීමට සහ ශිෂ්‍ය වර්’ධනයට සෑම විටම ප්‍රයෝජනවත් වනු ඇත. මෙම ගතිගුණය සහිත ගුරුවරයෙකු සිසුන්ගේ අදහස්, යෝජනා, ප්‍රතිපෝෂණ, දෘෂ්ඨි ර්‍ර්කෝණ සහ විකල්ප ආදියට සවන් යොමන්නට නිතර සුදානමින් සිටින හෙයින් ඉගැන්වීම් සඳහා වන විවෘත මනසකින් යුත් ප්‍රවේශයක් ගුරුවරුන්ට ඝතනය කරයි.
දැනුම සහ ප්‍රඥාව
දැනුම සෙවිලි මිනිසාට අතිශය වැදගත් කටයුත්තක පමණක් නොව එය නැමදීමක්ද වෙයි. ගුරුවරයෙකුට ඔහුගේ විෂය කරුණු පිළිබඳව මනා දැනුමක් තිබිය යුතු අතර, තම දැනුමෙන් සෑහීමට ලත් නොවී එය තවතවත් වැඩිදියුණු කර ගැනීමට නොකඩවා උත්සාහ කළ යුතුය. එයට අමතරව, ඉගැන්වීමේදී දැනුම පමණක් නොව ප්‍රඥාවද යෙදිය යුතුය. දැනුම් ඵලදායී ලෙසින් සිසුන්ට ලබා දීම සහ එක් එක් ශිෂ්‍යයාගේ අද්වතීය අවශ්‍යතා සහ හැකියාවන් සඳහා ප්‍රවේශය සකස් කිරීම ආදිය මෙයට ඇතුලත් ය.
විශ්වාසය සහ අවංකබව
විශ්වාසනීය බව සහ අවංකභාවය සෑම ගුරුවරයෙකුම පෝෂණය කර ගත යුතු මූලික ගුණාංග වේ. සිසුන් තම ගුරුවරුන් ආදර්ශමත් චරිත ලෙස සලකන හෙයින් ගුරුවරුන් ඉහළම සදාචාර ප්‍රමිතීන් සඳහා වන විශිෂ්ඨ ආදර්ශ වීම අතිශය වැදගත්ය. සිසුන් සමග කටයුතු කරන විට ගුරුභවතුන් සෑම විටම සත්‍යවාදී සාධාරණ සහ යුක්තිගරුක වීම සිසුන් අතර ඔවුන් ගැන විශ්වාසයක් සහ ගරුත්වයක් ඇති කර ධනාත්මක ඉගෙනුම් පරිසරයක් නිර්’මාණය වීමට තුඩු දෙනු ඇත.
අනුවර්තනය වීම සහ නම්‍යශීලී බව
දිනෙන් දින විකාශනය වන අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි ගුරුවරුන් අනුවර්’තනය වීම අත්‍යවශ්‍ය වෙයි. සෑම අවස්ථාවකදීම අනුවර්’තනය වීම සහ නම්‍යශීලී වීම වැදගත් වේ. ගුරුවරුන් තම සිසුන්ගේ වෙනස් වන අවශතා සහ විකාශනය වන අධ්‍යාපනික භූ දර්ශනයට සමපාතව සිය ඉගැන්වීමේ ක්‍රම, උපයෝගී කරන ද්‍රව්‍ය සහ උපාය මාර්ග වෙනස් කිරීමට නිබඳ සූදානමින් සිටිය යුතුය.
කෘතඥවීම
කෘතඥ වීම වැදගත් ගුණයක් වන අතර ගුරුවරයෙකු දැනුම් බෙදා ගැනීමට සහ එමගින් සිසුන්ගේ දැනුම සහ අනාගත දියුණුවට පිහිට වීමට දෙවියන් තමාට ලබා දී ඇති අනගි අවස්ථාවට තුති පිදිය යුතුය. එසේ කෘතඥවීම විශිෂ්ට ආදර්’ශයක් ලබා දෙන අතර එම ගුණාංගය සිසුන් අතරද පැතිරෙනු ඇත.
නිගමනය
ඉහත විස්තර කළ ගති ලක්ෂණ තම ඉගැන්වීම් ක්‍රියාවලියට ආදේශ කිරීමෙන් ගුරුභවතුන්ට ඔවුන්ගේ ප්‍රවේශය ඉගැන්වීම් සමඟ පෙළගැස්වීමට ඉඩ සලසයි ඉවසීම, දයාව, යානුකම්පාව, නිහතමානි බව, දැනුම, ප්‍රඥාව, අනුවර්තනය වීමේ හැකියාව සහ කෘතඥතාවය මූර්’තිමත් කිරීමෙන් ගුරුවරුන්ට තම වෘත්තියෙහි විශිෂ්ටත්වය අත්කර ගත හැකිවෙනවා පමණක් නොව තම සිසුන්ට ධනාත්මක ආදර්’ශයක් ලෙසද පැවතිය හැකිය. මෙය සිසුන්ට දැනුම පමණක් නොව අත්‍යවශ්‍ය වන අගයන් ලබාදීමටද උපකාරී වේ. අධ්‍යාපනය සඳහා වූ මෙම සාකල්‍ය ප්‍රවේශය ඉස්ලාමීය ආචාර ධර්ම වලටද කේන්ද්‍රීය වන අතර එය පුද්ගලයන්ගේ සහ සමස්ත සමාජයේම සාකල්‍ය සංවර්ධනයට දායක වනු නිසැකය.