එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගෑස් සිලින්ඩර ලකුණින් මහ මැතිවරණයට

0
117
NEWSNOW| – එක්සත් ජාතික පක්ෂය මේ වනවිට විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්වී නව සන්ධානයක් බිහිකර ගැනීමේ අරමුණින් විවිධ සාකච්ඡා පවත්වමින් සිටී.
කෙසේවෙතත් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එම නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.
සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්වී තරග කිරීමට සාකච්ඡා කළ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් එම සාකච්ඡා බිඳවැටී තිබේ.