නිල ණයහිමියන්ගේ කමිටුව සහ IMF සමග උපදේශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව සාර්ථකව නිමා කර

0
127

NEWSNOW| –   ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ ඒ පිළිබඳ නිල තහවුරු කිරීම නිල ණයහිමියන්ගේ කමිටුවෙන් ලද බවයි.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹි බව පසුගිය සැප්තැම්බර් 19 වැනිදා නිවේදනය කෙරිණි.

ඒ අනුව නිල ණයහිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග උපදේශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව සාර්ථකව නිමා කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ පරාමිතීන් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව මේ අනුව සමත් ව ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.