ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධ විමර්’ශන වල ප්‍රගතිය සොයාබැලේ

0
172
NEWSNOW | – මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (03) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්’ශන වල ප්‍රගතිය සොයාබැලීම සඳහා මෙම සාකච්ඡාව කැදවා තිබු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්වූ බව පොලිසිය පැවසීය.
මේ වන විට සිදුකරගෙන යමින් පවතින විමර්’ශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්’ශන ඇත්නම් ඒවා මොනවාද, එසේ නැවැත්වීමට දේශපාලන හේතු බලපා තිබෙනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකර ඇත.
මේ අතර අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්’ශන සහ අළුතින් ආරම්භ කළ යුතු විමර්ශන ඇත්නම් ඒවා මොනවාද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.
එමෙන්ම එසේ විමර්’ශන ප්‍රමාද වී තිබේනම් ඒවා මොනවාද යන්න පිළිබඳවද සාකච්ඡාකළ බවද පොලිසිය සඳහන් කළේය.