මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම ඇරඹේ

0
102
NEWSNOW | – 2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (04) ආරම්භ කෙරුණි
මැතිවරණ කොට්ඨාස 22 අයත් දිස්ත්‍රික් ලේකම් කාර්’යාලවලදී එම කටයුතු ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිසම් පවසයි.
ශ්‍රී ලංකා පාර්’ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් 196 දෙනෙකු මැතිවරණ දිස්ත්‍රික්ක 22 තෝරා පත්කර ගැනීමට නියමිතය.
සෙසු මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාගනු ලබනනේ, එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව ය.
නාමයෝජනා භාරගැනීම අවසන් වන්නේ, ඔක්තෝබර් 11 වැනිදා මධ්‍යහ්න 12ට ය. මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙයි.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, නාමයෝජනා භාරගැනීම අවසන් වන දිනයේ පෙළපාලි යෑම සහ මාර්’ග වල අනවශ්‍ය ලෙස එක්රැස්වීම තහනම් වන බවය.