Mfcd Sphere ප්‍රමිතිවල සිංහල පරිවර්’තනය එළිදක්වයි

0
40

NEWSNOW | – ශ්‍රී ලංකාවේ ස්පියර් නියමයන් සම්බන්ධයෙන් වූ Core Humanitarian Standard (CHS) පොතේ සිංහල පිටපත එළිදැක්වීම සංස්කෘතික හා සංවර්’ධනය සඳහා වූ මුස්ලිම් පදනම (MFCD) විසින් පසුගිය සැප්තැම්බර් 25 වනදා කොළඹ මහජන පුස්තකාලයේදී සිදු කෙරුණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්’ය සකීෆ් මොහොමඩ් මහතා විසින් ග්‍රන්ථයේ සිංහල පිටපත ප්‍රේක්ෂකයින් වෙත පිළිගැන්වූ අතර MFCD Sri Lanka හි සභාපති හනාන් හුසේන් විසින් හැඳින්වීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්’යාලයේ නිලධාරීන් සහ කොළොන්නාව සහ කළුතර ප්‍රජා මූලික සංවිධාන රැසක නිලධාරීහු රැසක් සහභාගි වූහ. උත්සවය අවසානයේ දී සහභාගිවන්නන්ට ඔවුන්ගේ අදහස් පිළිබිඹු කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.

මෙම උත්සවයෙන් අනතුරුව “මූලික මානුෂීය ප්‍රමිතිය” පිළිබඳ වැඩමුළුව පැවැත්විණි. MFCD ශ්‍රී ලංකා අර්’බුදයෙන් පීඩාවට පත් ජනතාවට ඔවුන්ගේ ප්‍රවේශයන් සහ අභිමානය සහතික කිරීම සඳහා මානුෂීය ප්‍රතිචාර දැක්වීමේදී ගුණාත්මකභාවය සහ වගවීම අවධාරණය කරන “මූලික මානුෂීය ප්‍රමිතිය” වෙනුවෙන් බල ගන්වයි. විපතට පත් ජනතාව සහ ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරන මානුෂීය ක්‍රියාකාරීන් සවිබල ගැන්වීම මෙම වැඩමුළුවේ අරමුණයි.

වැඩමුළුව ගතිකව මෙහෙයවන ලද්දේ එස්.එන්. ෂකීෆ් මොහොමඩ් – කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්’ය සහ මානුෂීය ක්‍රියාකාරික, තුවන් ජුහයිර් මහතා – කොළොන්නාව මස්ජිද් සම්මේලනයේ ලේකම්, නසීරා රිස්වි මහත්මිය – සුව ශක්ති සංවිධානයේ සභාපති, හස්රීම් ඉස්මයිල් මහතා – ප්‍රධාන විධායක නිලධාරී MFCD ශ්‍රී ලංකා සහ ඉසාම් මොහොමඩ් මහතා – මානුෂීය ක්‍රියාකාරික 09 මූලික මානුෂීය ප්‍රමිතියන්.