NEWSNOW| – ඉදිරියේ පවත් වන නව රජයේ අමාත්‍ය මණ්ඩලය නිශ්චිත බවත් එය අමාත්‍යවරු 25 දෙනෙකුගෙන් සමන්විත වන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඔහු පැවසුවේ එය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන්ව ඇති බවයි.
ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) නව රජය බලයට පත්වීමෙන් පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
මෙරට ජනතාව රජය කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් ඉතා පැහැදිලිව ඊළඟ වාරයේද අනිවාර්යයෙන් ආණ්ඩු බලය ලැබෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා නව ආණ්ඩුව යටතේ කැබිනට් මණ්ඩලය 25කට වඩා වැඩි නොවන බවද අවධාරණය කළේය.
එම අමාත්‍ය මණ්ඩලයට රාජ්‍ය අමාත්‍යවරු නොමැති බවත් ඒ ඒ අමාත්‍යංශවලට සමාන්තරව නියෝජ්‍ය අමාත්‍යවරු 25ක් පමණක් පත්කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.