NEWSNOW | – අද(30) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන වැසි තත්ත්වය හමුවේ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව අනතුරු අඟවයි.
විශේෂයෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට එම තත්වය බලපැවැත්වෙනු ඇත.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.