ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනපති නියෝජිත ලෙස විජිත හේරත් ඇමති නම් කරයි

0
145
NEWSNOW| –  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත්කර තිබේ.
අදාළ නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
ඒ අනුව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කර ඇත.
ඊට අමතරව අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත්ව ඇති බව සඳහන් වේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද නව පාර්ලිමේන්තුව පිහිටුවන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු වේ.
ඒ අනුව, නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව ලබන මස 09වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂීම් හා සාගර කාරියවසම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සාමාජිකයින් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.