හිටපු අමාත්‍යවරුන්ට ලබාදී තිබූ නිවාස යළි භාරදෙන්නැයි දැනුම් දෙයි

0
102
NREWSNOW | – තම පාලන කාලය තුළ රජයේ නිල නිවාසවල පදිංචිව සිටි හිටපු අමාත්‍යවරුන් සියලු දෙනා වහාම එම නිවාස රජයට භාර දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ(26) හිටපු අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.
හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට නිවාස 50කට ආසන්න ප්‍රමාණයක් ලබාදී තිබූ බව වාර්’තා වේ.
කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණය අවසන් වනතුරු මාදිවෙල නිවාස සංකීර්’ණයේ පදිංචි හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම නිවාස සංකීර්’ණයේ රැඳී සිටීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවසර ලබාදී තිබේ.