මහ මැතිවරණය ගැන එජාප සහ පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්

0
51
NEWSNOW | – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහාය පළ කළ කණ්ඩායම සමඟ අද පස්වරු 4ට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මෙවර පාර්’ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ තරග වැදීමට නියමිත බව වාර්’තා වේ.
ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අද (26) දිනයේත් ඒ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්’තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඉදිරි පාර්’ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිත අතර සන්ධානගත වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්’තා වේ.