ලේක්හවුස් සභාපතිට ධූරයට ගාමිණී වරුෂමන මහතා පත් කරයි

0
180
NEWSNOW| –  සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) නව සභාපතිවරයා ලෙස ගාමිණී වරුෂමන මහතා අද(25) නිල වශයෙන් වැඩ භාර ගත්තේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන වරුෂමාන සන්ඩේ ඔබ්සවර් පුවත්පතෙන් මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ගැමිදිරිය වැඩසටහන වැනි ආයතනවල සේවය කර ඇති වරුෂමානට පුළුල් පරිපාලන හා පර්යේෂණ පළපුරුද්දක් ඇත.