ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සර්’වආගමික නායකයන්ගේ සුභ පැතුම්

0
116
NEWSNOW | – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ සර්’ව ආගමික නායකයින්වන පූජ්‍ය ශාස්ත්‍රපති ගලගම ධම්මරංසි නාහිමි, සිව ශ්‍රී රාමචන්ද්‍රන් ‍කුරුක්කල් බාබු ෂර්’මා , අල්-භාජ් අශ්-සෙය්යිද් ආචාර්’ය භසන් මවුලාන අල්-කාදිරි සහ ගරු ආචාර්’ය නිශාන් සම්පත් කුරේ පියතුමන් ඇතුලු සර්’වආගමික නායකයින් විසින් සුබ පැතුම් එක් කරන ලදී.
රටක් මෙහෙයවීම ලෙහෙසි පහසු කාර්’යයක් නොවන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම නායකත්වය ශ්‍රී ලංකාවට ගැඹුරු සාමය, සංහිදියාව, ආගමික සහජීවනය, ආර්’ථික ප්‍රගතිය සහ ස්ථාවරත්වය ගෙන එන බව විශ්වාස කරන අතර ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝග ද වැදගත් ය. අතීතයේ තමන්ට පෙර බලයේ සිටි අයගේ සාර්’ථකත්වයන් සහ අසාර්’ථකත්වයන් ආවර්’ජනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
සැබෑ අභියෝගය මැතිවරණ ජයග්‍රහණය කිරීම නොව ඥානාන්විතව ආණ්ඩු කිරීම සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීම බව ඉතිහාසය අපට පෙන්වා දී ඇත.
පසුගිය මැතිවරණවල ජයග්‍රාහකයින් තම පොරොන්දු පැහැර හැර ඇති අතර සැබෑ වෙනසක් ඇති කිරීමට තිබූ අවස්ථාව මග හැරී ඇත. එහෙත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය විනිවිදභාවය, ඒකාග්‍රතාව සහ ජාතික සමගිය තහවුරු කිරීම සඳහා අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඇතැයිද විශ්වාස කරමි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ එතුමාගේ රජයට සර්’වආගමික නායකයින් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට දරන සෑම උත්සාහයක්ම සාර්’ථක වේවායි ප්‍රාර්’ථනා කරති.