NEWSNOW | – තමා ඉදිරි පාර්’ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේ හෝ ජාතික ලැයිස්තුවෙන් ස්ථානයක් අපේක්ෂා කරන්නේ නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්’ධන මහතා පැවසුවේ ජාතික කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ නායකයා උපදේශක භූමිකාවක් භාර ගැනීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ (එ.ජා.ප) නියෝජ්‍ය නායක රුවන් විජේවර්’ධන මහතා සමඟි ජන බලවේගය (SJB) ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂවලට ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කරන ලෙස ආරාධනාවක් කර තිබේ. රටේ අනාගතය හැඩගැස්වීමේදී සහ ඉදිරි අභියෝග ජයගැනීමේදී සාමූහික ප්‍රයත්නවල වැදගත්කම විජේවර්’ධන මහතා අවධාරණය කළේය.