NEWSNOW | – 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු අද උදෑසන 7 සිට ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි කැෆේ සංවිධානය විසින් මැතිවරණ නිරීක්‍ෂකයින් 1750 දෙනෙක් යොදවා නිරීක්‍ෂණ කටයුතු සිදු කරන බවත් ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව සියළුම දිස්ත්‍රික්ක වල ඉතා සාම කාමී මැතිවරණයක් ක්‍රියාත්මක වන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා පැවසීය.
එසේම අද දිනයේත් මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත. ඒ ඡන්ද පොළ ආශ්‍රිතව අපේක්ෂකයින්ගේ ලාංඡනය සහිත පොඩි කාඩ්පත් දමාගොස් තිබීම වාර්තා වී තිබේ. මේ අතර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් මේ දක්වා වාර්තා වී නොමැත. මෙය හොඳ ප්‍රවණතාවයක් බව කැෆේ සංවිධානය කියයි. එම නිසා එම තත්වය අද දිනය පුරාවටත් පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළත් රැක ගන්නා ලෙස සියළු දේශපාලන පක්‍ෂ වලින් සහ ආධාරකරුවන්ගෙන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා ඉල්ලීමක් කරයි.