NEWSNOW | – 2024 ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීහු පවසති.
කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,204කදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි.
සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටලු පැවතියද සියලුම ඡන්ද මධ්‍යස්ථාන සුදුසු පරිදි සකස්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබා නොගත් ඡන්දහිමියන්ට අද සහ හෙට තමා පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්’යාලයෙන් ඒ්වා ලබාගත හැකි බව තැපැල් දෙපාර්’තමේන්තුව පවසයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු එය ලබාගත හැකි බවය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක මහතා පැවසුවේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්‍යවශ්‍ය නොවන බවය.