ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන ඇණ හිටී

0
67

NEWSNOW| – රාගම දුම්රිය ස්ථානයේ ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සියළුම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය බලධාරීන් පවසයි.

අද(16) උදෑසන මහව සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත.

තුන්වන මංතීරුවේ ධාවනයවූ දුම්රිය පළමු මංතීරුවට දැමීමට යාමේදී මෙලෙස දුම්රිය පීලි පැන තිබේ. ඒ නිසා ඉහළට හෝ පහළට දුම්රිය ධාවනය කිරීමට නොහැකි වී ඇත.

මේ නිසා දුම්රිය බොහෝ වෙලාවක් ප්‍රමාද වන බව දුම්රිය බලධාරීන් පවසයි.